අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
කොළඹ අම්පාර ප්‍රධාන මාර්ගයත් කිරිඳිඔයත් මායිම්ව ගම පන්සල වැව දාගැබ යන අතීත ශ්‍රී ලාංකික සංස්කෘතියටම ගැලපෙන ලෙස ගැමි පරිසරයක පිහිටි අප පාසල අද වනවිට ප්‍රදේශයට ආලෝකයක් වූ කීර්තිමත් විදුබිමක් බවට පත්ව ඇත. එමෙන්ම ගැමි සංස්කෘතිය හා බැඳුණු පාසලට මීටර් දෙසීයක් පමණ දුරකින් ප්‍රදේශයේ විශාලතම පන්සලක් වන ශ්‍රී බෝධිරුක්ඛාරාමයද පාසලට ඉදිරිපසින් මනරම් කෙත් යාය හා තෙලුල්ල වැවද පාසල පසුපසින් පාසලට මායිම්ව කිරිඳිඔයද පිහිටා තිබීම සමග පාසලට පරිණත විනයක් හා අලංකාරයක් ද එකතු වී ඇත.







