පාසලේ ඉතිහාසය

ප්‍රාථමික සතුටු කඳවුර

නව පාසල් වාරයේ ආරම්භය

IMG-20240913-WA0020.jpeg
IMG-20240913-WA0020.jpeg

කොළඹ අම්පාර ප්‍රධාන මාර්ගයත් කිරිඳිඔයත් මායිම්ව ගම පන්සල වැව දාගැබ යන අතීත ශ්‍රී ලාංකික සංස්කෘතියටම ගැලපෙන ලෙස ගැමි පරිසරයක පිහිටි අප පාසල අද වනවිට ප්‍රදේශයට ආලෝකයක් වූ කීර්තිමත් විදුබිමක් බවට පත්ව ඇත.

වර්ෂ 1948 මැයි 3 දින තෙලුල්ල ගම්මානයේ රජයේ පාසල් ගොඩනැගිල්ලක් ලෙස ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමා වූයේ ජේ.සූරියආරච්චි මහතාය.

පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස J.M. ජයසුන්දර සිසුවා පාසලට බඳවාගෙන ඇති අතර පාසල 1 - 5 ශ්‍රේණි දක්වා පන්ති ආරම්භ කර ඇත.

දිනෙන් දින සිසුන් වැඩි 1984 දී ප්‍රධාන ශාලාවද, 1996 දී දෙමහල් ගොඩනැගිල්ල ද ඉදිකිරීමට කටයුතු යෙදුණි. 2020 දී තොරතුරු තාක්ෂණ ඒකකයද ඉදිකරන ලදී. ඒ අතර කාලයේදීම ග්‍රාමීයව විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතුවූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනය එම යුගයෙන් පසුව ඇති විය.

1975 න් පසු පාසලේ භෞතික සංවර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් ලැබුණු අතර විද්‍යාගාරයක්, පුස්තකාලයක් පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය ද්විතීක අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා, ගණිත ,ඉංග්‍රීසි, ක්‍රීඩා, සෞන්දර්ය යන අංශවලද ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන ලදී.

විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, විවිධ ආගමික වැඩසටහන්, සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩසටහන්, විවාද වැඩසටහන්, මාධ්‍ය ඒකකය ,ප්‍රථමාධාර ඒකකය, ශිෂ්‍යබට, බාල දක්ෂ වැඩසටහන්, විවිධ සුභසාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

එමෙන්ම ගැමි සංස්කෘතිය හා බැඳුණු පාසලට මීටර් දෙසීයක් පමණ දුරකින් ප්‍රදේශයේ විශාලතම පන්සලක් වන ශ්‍රී බෝධිරුක්ඛාරාමයද පාසලට ඉදිරිපසින් මනරම් කෙත් යාය හා තෙලුල්ල වැවද පාසල පසුපසින් පාසලට මායිම්ව කිරිඳිඔයද පිහිටා තිබීම සමග පාසලට පරිණත විනයක් හා අලංකාරයක් ද එකතු වී ඇත.

මේ වන විට පාසලේ ආචාර්ය මණ්ඩලය විස්සක්ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දෙකකින්ද සමන්විත වේ. 132 ක් වන සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සඳහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටි. “සදාචාරාත්මක ප්‍රඥාවෙන් විශිෂ්ටත්වයට” යන දැක්ම අනුව  යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා අධ්‍යයන, අනධ්‍යන, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයකට ළඟාවීම අප පාසලේ අපේක්ෂාව වන්නේය.

 

ආරම්භ කළ වර්ෂය

1948 මැයි 03

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

J.සූරියආරච්චි මයා   

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මො/තෙලුල්ල කනිෂ්ඨ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

J.සූරියආරච්චි මයා   

පාසල රජයට පවරාගත් දිනය

1948 මැයි 03

පාසල පැවැත්වූ ස්ථානය

තෙලුල්ල ,ඇතිලි වැව.

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

J.M.ජයසුන්දර

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1948 මැයි 03