ගුණ නැණ පුබුදන ගුණදම් වඩවන
අප හදවත් යහමග යොමු කරවන
මිණි පහනක් සේ නිලඹර දිදුලන
තෙලුල්ල විදුහල් මෑණියනි..//
සැර දේ සැර දේ සැර දේවා
සැර දේ දිගු කල් වැජඹේවා
ආදී හෙළයේ රණවිරුවන්ගේ
සුවඳින් ඔප වූ අපවෙල් ලස්සේ
කිරිඳිඔයේ සිසිලස සෙවනේ
බුදුරුවගල බුදුහිමිනෙත් කිරණින්
සාමය සමගිය දෑ අභිමානය
විදු රැස් පතුරා ලොව ජය ගැනුමට
මෙත් සිත් පුබුදෙන නිති අප සුරකින
නමදිමු පායුග බැති සිතිණි
තෙලුල්ල විදුහල් මෑණියනි..//
සැර දේ සැර දේ සැර දේවා
සැර දේ දිගු කල් වැජඹේවා





